July 01, 2024

මාලක සිල්වාගේ ගැටුමට 'ඇමැති ආරක්ෂකයින්' සම්බන්ධ බව හෙළිවෙයි (video) 

කොළඹ බම්බලපිටිය පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වී විදේශික යුවළකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වා සමග සිටි අනෙක් හත්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

මෙම රාත්‍රී සමාජ ශාලාවේදී මෙම ගැටුම සිදුවන අවස්ථාවේ මාලක සිල්වා සමග තවත් පුද්ගලයන් හත් දෙනකු සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙක් බවද හෙළි වී ඇත. මෙම සිදුවීමට අදාළ සී.සී.ටී.වී. වීඩියෝ දර්ශන නරඹන විට පැහැදිලි වන්නේ ගැටුම ආරම්භ වන අවස්ථාවේ එම නිලධාරින් දෙදෙනා සමාජශාලාව තුළ නොසිටි බව යැයිද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම ගැටුමට අදාළව දැනට පුද්ගලයින් 12 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ගැටුමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් පස්දෙනා පුද්ගලික ආරක්ෂකයන් හෝ මාලක සිල්වාගේ මිතුරන් විය හැකි යැයිද ‍පොලිසිය පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 07 November 2014 10:28