May 20, 2024

මම මහින්ද රාජපක්ෂ නම් - රනිල් කියයි

November 06, 2014

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,තමන් මහින්ද රාජපක්ෂ නම් තමන් තුන්වැනි වරටත් ජනපතිවරණයට තරඟ කළ හැකිදැයි ආකාරයේ එවැනි ප්‍රශ්නයක් නොඅසන බව සඳහන් කර තිබේ.

තුන්වැනි වරටත් ජනපතිවරණයට තරඟ කළ හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නඩුවක් නොදමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශක තීන්දුවක් ඉල්ලා සිටීම කළ යුත්තක් නොවන්නක් බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩි දුරටත් පවසා ඇත්තේ.

78 ව්‍යවස්ථාවට එකතු කරන ලද 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව තෙවන වර ඡන්දයකට ඉදිරිපත් වීමට බාධාවක් ඇත්දැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය එළඹෙන 10 වනදාට පෙර තමාට දන්වන ලෙසද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව ඊයේ (05) මාධ්‍ය මගින් වාර්තා විය.

එකී ප්‍රකාශය මත පදනම්ව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (06) නුගේගොඩදී පැවැති හමුවකදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

Rate this item
(0 votes)