May 20, 2024

ගොවිජන විනිශ්ච සභා යළි පණ ලබයි

November 06, 2014

ගොවි ජනතාවගේ භාරකරුවන් වෙමින් ඔවුන් ආරක්ෂා කරගෙන තිරසාර සංවර්ධනයේ අරමුණු සපුරාලමින් ‍ගොවිජන දෙපාර්තමේන්තුව ‍රටේ ආර්ථිකයට බලපාන වැදගත්ම දෙපාර්තමේන්තුව ලෙස පත්කර ගත යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවි විනිශ්ච සභා සඳහා පත්කල නිළධාරින් වෙත අදාල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී පසුගියදා පැවති උත්සවයේදීය. 

වසර 1957 ඔක්තෝබර් මස ඇරඹුණු ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන 557ක් රටපුරා පිහිටා තිබේ. රටපුරා දිස්ත්‍රික්ක 25 සඳහා මෙම ගොවිජන විනිශ්ච සභා 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන(සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවි ජන සංවර්ධන පනතේ 39/(1) වගන්තිය යටතේ පත්කර තිබේ.

ගොවිජන පනතට අදාල ක්‍රියාකාරකම්, ගොවින් ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණය, පුරං කුඹුරු අස්වැද්දීම, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම වැනි වැඩසටහන් ගොවිජන සේවා මධ්‍යස්ථාන යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. දැනට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක පිරිස 12,000කට ආසන්නය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රණය ඉතා විශාලවන බවත් එය රටපුරා සෑම ග්‍රාම සේවාවක්ම යටතේම ක්‍රියාත්මක වන අතර ගොවි ජනතාවට අවශය සියළු සේවා සපයන ස්ථාන ලෙස ගොවිජන සේවා මධ්‍යස්ථාන නඟා සිටුවීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)