May 02, 2024

අඹුසැමි යුවළක් තරුණයෙකු නිරුවත් කොට මහ පාරේ ඇවිද්දවයි

තරුණයෙකු නිරුවත් කොට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල මෙරට සමාජජාල තුළ සංසරණය වනවා.

මේවන විට අනාවරණය වී ඇත්තේ අදාළ සිදුවීම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී සිදුව ඇති බව යි.

අදාළ තරුණයාට එලෙස පහර දී ඇත්තේ අඹුසැමි යුවළක් බව සඳහන්.

එම යුවළෙහි කාන්තාවට, පහරකෑමට ලක්ව ඇති තරුණයා විසින් නිරන්තරයෙන් අනවශ්‍ය ආකාරයේ දුරකතන ඇමතුම් ලබා දෙන බව පවසමින් මෙම පහර දීම සිදු කොට ඇති බව යි වාර්තා වන්නේ.

මෙහි දී මෙම යුවළ විසින් තරුණයාට පහර දී පසුව ගසක බැඳ යළි පහර දී ඇති බව පැවසෙන අතර ඉන් අනතුරුව ඔහුගේ ඇඳුම් ඉවත් කොට නැවතත් පහර දී ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා.

එමෙන්ම තරුණයා නිරුවත් කිරීමෙන් අනතුරුව ඔහුව මාර්ගයේ රැගෙන යාමට ද මෙම යුවළ ක්‍රියා කර ඇති බව සඳහන්.

සියඹලාණ්ඩුව පොලීසිය විසින් මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව ඇප මත මුදාහැර තිබෙනවා.

එම කාන්තාවගේ සැමියා 27 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි අධිකරණය නියෝග කොට ඇත්තේ.

පහර කෑමට ලක් වූ තරුණයා මේවන විට සියඹලාණ්ඩුව රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 January 2022 16:23