May 20, 2024

රත්තොට පවුල් 136 ක් නායයෑමේ අවධානම නිසා ඉවත් කෙරේ

November 05, 2014

නායයෑමේ අවදානමක් හේතුවෙන් මාතලේ, රත්තොට ප්‍රදේශයේ පවුල් 136ක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධක්ෂ චමින්ද අමරවීර මහතා සඳහන් කළේ පුද්ගලයින් 500 කට අධික පිරිසක් මෙලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බවයි.
රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්දෙනුවර, පුංචිසෙළුවාකන්ද, දංකන්ද, දඹගොල්ල, ලග්ගල, පිටකන්ද වැනි ප්‍රදේශවල ජනතාව මෙලෙස ඉවත් කර ඇති බව සහකාර අධක්ෂවරයා සඳහන් කරයි.
මේ වනවිට එමපුද්ගලයින් රත්තොට ප්‍රදේශයේආගමික ස්ථාන කිහිපයක සහ පාසැල් කිහිපයක රැදීසිටින බව සඳහන්.

Rate this item
(0 votes)