May 20, 2024

අනියම් බිරිඳගේ පහ වසර දැරිය කෙලසූ පාපතරයා කොටු

November 05, 2014

තම අනියම් බිරිදගේ දියණියට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ මුන්දලම අක්කර 412 පදිංචිව සිටින වයස අවුරුදු 13 ක් වන දැරියකි. ඇය ප්‍රදේශයේ පාසලක 05 වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටී. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45 ක අයෙකුවය.

තම මවගේ අනියම් සැමියා විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දිනක තමන්ට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ අතවරයට පත්ව ඇති බව කියන දැරිය මුන්දලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

මෙම දැරිවියගේ පියා ඇයට මාස 2 ½ ක කාලයේදී තම බිරිද අතහැර වෙනත් කාන්තාවක් සමග ගොස් ඇති බවත් ඉන් පසුව දැරියගේ මව සැකකරු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බව මූලික විමර්ශණ වලදී හෙලවී ඇති බව පොලීසිය පැවසීය.

අතවරයට පත්ව ඇති බව කියන දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)