May 20, 2024

ගමට ගෙන ගිය ගණිකා මඩම මාට්ටු

November 05, 2014

ගාල්ල, අහංගම ගොවියාපනා ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු ගාල්ල කොට්ඨාස මත්ද්‍රව්‍ය දුෂණ මර්දන අංශයේ නිලධාරිහු විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. 

05 වැනි දා මෙම සැකකාර කාන්තාව හා පිරිමි පුද්ගලයා පොලිස් ඇපමත නිදහස් කරනු ලැබීය. මෙම සැකකරුවන් ලබන 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නට යටත්ව, පොලිස් ඇප ලබා දීම සිදු කෙරිණි.

මැදි වියේ කාන්තාවක් හා වයස අවුරුදු විසිතුනක තරුණයෙක් අඹු සැමියන් ආකාරයට පෙනි සිටිමින් මෙම ජාවාරම සිදුකරන බව පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී තිබේ.

ගාල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි, රංජිත් මාසිංහ මහතාගේ උපදෙස් මත, ගාල්ල සහකාර පොලිස් අධිකාරි ශතිස් ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ, ගාල්ල කොට්ඨාස මත්ද්‍රව්‍ය දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො.පරික්ෂක එස්.කේ ලේකම්වසම්, පො.කො 6112 පේමසිරි, පො.සැ 43412 ඒකනායක යන නිලධාරිහු මෙම මෙහෙයුම සිදු කළහ.

ඉමදුව - ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)