May 09, 2024

කඩු හරඹයකට මැදිවූ පොලීසියේ දෙදෙනෙකුට ගුටි පූජාවක්

November 03, 2014

නාරම්මල පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පුද්ගලයින් දෙදෙනෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් පොලිස් නිලධාරියෙකු කුරුණෑගල මහ රෝහලට මාරු කර යවා ඇතැයි නාරම්මල පොලීසීය පවසයි.

නාරම්මල පොලීසියේ රථවාහන අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල් 49213 චන්ද්‍රපාල මහතා සහ පොලිස් කොස්තාපල් 36805 බාලසූරිය යන නිලධාරීන් මෙලෙස පහරකෑමට ලක්ව ඇත. 

පසුගිය 01 වැනි දා රාත‍්‍රියේ නාරම්මල නගරයේ රථවාහන හැසිරවීම සඳහා යතුරු පැදි වලින් සංචාරය කරමින් සිටියදී නාරම්මල නගරයේ සතිපොළ ඉදිරිපිට මාර්ගයේ පුද්ගලයෙකු කඩුවක් අතේ ඇතිව තවත් පුද්ගලයින් සමග ගැටුමක් ඇති කර ගෙන තිබේ. 

එය දුටු පොලිස් නිළධාරීන් කඩුව අතේ තිබූ පුද්ගලයා ළඟට ගොස් කඩුව ඔහුගෙන් උදුරා වීසිකර දමා ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම ස්ථානයේ රැදී සිටි පුද්ගලයින් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත. කඩුව අත තිබූ පුද්ගලයා මෙම පහරදීම සිදුකරන අතරතුර සුදුපාට මෝටර් රථයකින් පලා ගොස් ඇත.

Rate this item
(0 votes)