May 08, 2024

වැස්‌සත් සමග ජලාශ 72 ක ජල ප්‍රතිශතය ඉහළට - නමුත් ඒ මදි

November 03, 2014

වර්ෂාව ලැබීමත් සමග ජලාශ 72ක ජල ප්‍රතිශතය සියයට 12 සිට සියයට 28 දක්‌වා වැඩි වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.

මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් එහි අධ්‍යක්‍ෂිකා ජානකි මීගස්‌තැන්න මහත්මිය සඳහන් කළේ යල කන්නය අවසන් වන විට මෙම ජලාශවල ජල ප්‍රතිශතය වාර්තා වූයේ  සියයට 12ක්‌ බවත් එය වසර 13කට පසු වාර්තා වූ අඩුම ජල ප්‍රතිශතයක්‌ ලෙස පැවතුණු අතර  වැසි ලැබීම හේතුවෙන් ජලාශවල ජල ප්‍රතිශතය සියයට 28ක්‌ දක්‌වාවැඩි වී ඇති බවත්ය.

නමුත් එම ප්‍රමාණයත් ඉදිරි ගොවිතැන් සහ මිනිස් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ.

 

Rate this item
(0 votes)