May 09, 2024

දර්ගා නගරයේ ගැටුම පිටුපස පාසැල් සිසුන් දෙදෙනෙකුත්

November 03, 2014

දර්ගා නගරයේ දී යළිත් ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කිරීමට රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් අතර දෙදෙනකු පාසල් යන බාල වයසේ දරුවන් බව අනාවරණය වී ඇත.

කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් 6දෙනාගෙන්  දෙදෙනෙකු මෙලෙස බාලවයස්කරුවන් බව අනාවරණය වී තිබේ.

ඒ අනුව එම දෙදෙනා කළුතර බන්ධනාගාරයේ විශේෂ කුටියක අද (03වැනිදා) දක්‌වා රඳවා තබන ලෙස මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කර ඇත. අනෙකුත් සැකකරුන් මෙම 07වැනිදා දක්‌වා රිමාන්ඩ් කරන  ලදි.

දර්ගා නගරයේදී පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළ බවට සැකකරන පුද්ගලයන් 6දෙනකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පොලිස්‌පතිවරයාගේ නියමයෙන් ඒ පිළිබඳව පරීක්‌ෂණ ආරම්භ කළ බවත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ,බී, වාර්තාවක්‌ මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් පසු ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ භටයන් ද පොලිසියේ අමතර නිලධාරීන් ද යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.

 

Rate this item
(0 votes)