May 09, 2024

මාලක සිල්වා ගුටි කෑවේ සුද්දියක් උස්සන්න ගිහින්

November 03, 2014

කොළඹ, බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් 07දෙනකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. 

මෙම රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වී බිමත්ව අශෝභන ලෙස හැසිරෙමින් විදේශීය යුවළකට හිරිහැර කර පහර දුන් බවට චෝදනා ලත් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා හෙට (04) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පසුගිය 01 වැනිදා නියෝග කළේය.

{module LOLC}

ස්කොට්ලන්ත ජාතිකයකු වන 43 හැවිරිදි ජේමිස් ෆ්‍රැන්සිස් සහ ඔහුගේ පෙම්වතිය වන 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික බෙලින්ටා මැකන්සි යන විදේශික යුවළ ඉකුත් 31 වැනිදා රාත්‍රියේදී මෙම සමාජ ශාලාවට පැමිණ තිබේ.

පෙම්වතාගේ උපන් දිනය සැමරීම සඳහා ඔහු පෙම්වතිය සමග මෙම සමාජශාලාවට ගොස් නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී මාලක සිල්වා ඇතුළු හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම විදේශික යුවළට හිරිහැර සිදුකර පහරදීමේ චෝදනාව මත මාලක සිල්වා පසුගිය 01 වැනිදා කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ජේමිස් ෆ්‍රැන්සිස් ද බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි කරගෙන ඇති අතර ඔහු වසරක පමණ කාලයක් මෙරට ජීවත්වෙමින් කොට්ටාව ප්‍රදේශයේ පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන බවත් කොට්ටාව ප්‍රදේශයේම පදිංචි මෙම ස්කොට්ලන්ත ජාතිකයාගේ උපන් දිනය ඉකුත් නොවැම්බර් පළමු වැනිදාට යෙදී තිබි ඇති බවත් වාර්තා වෙයි.

උපන් දිනය සැමරීමට ඔහු සිය බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතියට මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබේ. ඒ අනුව ඇය ඉකුත් 29 වැනිදා මෙරටට පැමිණ තිබූ අතර උපන් දින සාදය සඳහා ඔවුන් මෙම සමාජ ශාලාවට පැමිණ ඇත. මෙම යුවළ නටමින් විනෝද වෙමින් සිටි අවස්ථාවේදී මෙම සමාජ ශාලාවට මාලක සිල්වා ඇතුළු හය දෙනකුගෙන් යුත් කණ්ඩායම ඇතුළු වී ඇති බව ‍පොලිසිය පවසයි.

බිමතින් සිටි මාලක සිල්වා විසින් 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතිය සිප ගැනීමට උත්සාහ දැරීමේදී ස්කොට්ලන්ත ජාතික පෙම්වතා විසින් මාලක සිල්වාට පහරදී ඇති බවද ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙහිදී කෝපයට පත් ස්කොට්ලන්ත ජාතිකයා මාලක සිල්වාගේ මුහුණට පහරක් එල්ල කර ඇති අර එම පහරින්ම මාලක සිල්වා බිම ඇද වැටී ඇත.මෙම පහරදීමෙන් මාලක සිල්වාගේ නාසය තුවාල වී ‍ලේ ගැලීමට පටන් ගෙන ඇති අතර පසුව මාලකගේ සහචරයින් පිරිස මෙම යුවළට වට කරගෙන බිම දමා පහරදී තිබේ.

01 වැනි දා අලුයම 1.45ට පමණ මෙම පහරදීම සිදුවී ඇති බවත් එම අවස්ථාවේ සමාජ ශාලාවේ නර්තනයන් පැවැත්වෙන වෙලාව බවත් ‍පොලිසිය පවසයි. මෙම පහරදීම් සියල්ල එම සමාජ ශාලාවේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියෙහි සටහන් වී ඇති අතර එම දර්ශන ඉදිරි විමර්ශන සඳහා උපයෝගී කර ගන්නා බවද ‍පොලිසිය පැවසීය. මෙම පහරදීමෙන් පසුව මාලක සිල්වාගේ සගයකු බම්බලපිටිය ‍පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා ගෙන මාලක සිල්වාට විදේශිකයකු පහර දුන් බවට පවසා තිබේ.

ඒ සමග ක්‍රියාත්මක වූ බම්බලපිටිය ‍පොලිසිය කණ්ඩායමක් මෙම සමාජ ශාලාවට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර පසුව මෙම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා ඇත.

පහරකෑමට ලක්වූ මාලක සිල්වා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ බවත් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූ බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විමර්ශන අරඹා සමාජ ශාලාවේ කළමනාකරු, සේවකයන්ගෙන් සහ විදේශික යුවළගෙන් ලබාගත් ප්‍රකාශ මත මාලක සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.පසුව පසුගිය 01 වැනිදා රාත්‍රී 9.00ට පමණ මාලක සිල්වා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට පැමිණි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඔහු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය. එදින හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමටද නියමිතය. 

එසේම ඊයේ (02) මාලක සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට පත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් විදේශික යුවළගෙන් බම්බලපිටිය ‍පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබි ඇති අතර ඒ පිළිබඳ මාලක සිල්වාගෙන්ද දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

විදේශීය පෙම් යුවළට පහර දුන් මාලක සිල්වාගේ අනෙකුත් සගයින් සොයා ‍පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම සිද්ධියෙන් විදේශීය යුවළටද තුවාල සිදුවී ඇත. මාලක සිල්වාට විරුද්ධව මීට පෙරද මෙවැනි චෝදනා එල්ල වූ අතර එහිදී අධිකරණය කිහිප වතාවක්ම මාලක සිල්වාට අවවාද කර මුදාහැර තිබිණි.

 

Rate this item
(3 votes)
Last modified on Tuesday, 04 November 2014 07:44