May 09, 2024

මාලක සිල්වා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලකට

November 03, 2014

රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ප‍්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

විදේශීය සංචාරක යුවළකට පහරදීමේ චෝදනා මත අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. 

විදේශීය යුවළගේ පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත් වූ කොළඹ අපරාධ කොට්ඨාසය මාලක සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසී ය. 

.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 November 2014 07:24