May 08, 2024

පොලිස්පති රට යයි - වැ.බ පොලිස්පති ගාමිණී නවරත්න 

November 03, 2014

අන්තර්ජාතික පොලීසියේ 83 වැනි මහා සභා රැස්වීම සඳහා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මොන්කෝ රාජ්‍යය බලා පිටත්ව ‍ගොස් ඇත. 

මේ හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පත්කර තිබේ. 

අද (03) සිට 07 වැනිදා දක්වා කාලය තුළ මෙම මහා සභා රැස්වීම පැවැත්වෙන අතර, මේ මස 09 වැනිදා පොලිස්පතිවරයා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත. 

එම කාලය තුළ වැඩබැලීමේ කටයුතු ගාමිණී නවරත්න මහතාට පවරා ඇත.

 

Rate this item
(0 votes)