May 08, 2024

කොස්ලන්දෙන් තවත් මළසිරුරක් හා ත්‍රිරෝද රියක් හමුවෙයි

November 02, 2014

මීරියබැද්ද නාය යෑමෙන් යටවූ තවත් පුද්ගල මල සිරුරක් හා ත්‍රිරෝද රථයක් සොයාගෙන තිබේ.

ඒ අනුව සොයාගත් මල සිරුරු සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇත. තවමත් මළ සිරුර හඳුනාගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ අඩි 25-30ත් අතර ගැඹුරක තිබී බව මෙහෙයුම්හි නිරත හමුදා භට පිරිස් පැවසී ය.

මේ අතර නායගිය බිමෙන් පොඩි පට්ටම් වී ගිය ත්‍රී රෝද රියක් ද ගොඩගත් බවත් ගෙදරක නවතා තිබූ මෙම ත්‍රී රෝද රිය අඩි කිහිපයක් ගසා ගෙන ගිය බවට ලකුණු ඇති  බවත් හමුදාව සඳහන් කරයි. 

මෙම ත්‍රී රෝද රිය රතු පැහැති එකක් බවද වාර්තා වෙයි.

කැනීම් අද සිදුවූයේ නායගිය පෙදෙසේ මැද බවත් වැසි වැටීමත් සමඟ කැනීම් නතර කළ බවත් ඔවුහු පවසති.

 

 

Rate this item
(0 votes)