May 03, 2024

නාය ගිය මීරියබැද්ද පාර මතුවෙයි

November 02, 2014

දින පහක් පස් ඉවත් කිරීමෙන් පසු නායයෑමට ලක්වු කොස්ලන්ද, මීරියබැද්ද වතුයායට ගමන්ගන්නා මාර්ගය මේ වනවිට මතු කර ගැනීමට සමත්ව තිබේ. 

නායයෑමට ලක්වු ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වල නිරත සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් අද(02) පෙරවරුවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර එහිදී කොස්ලන්ද මීරියබැද්ද වත්තට යන පාර මතු කර ගැනීමට පොලීසිය හා ගුවන් හමුදාව හා යුද හමුදාව සමත් විය.

මෙම මාර්ගය මුලින්ම ගිලා බැස තිබිණි. එම අනතුරු සංඥාව අනුව ක්‍රියා කළේ නම් බොහෝ ජීවිත බේරාගත හැකිව තිබු බව පරීසරවේදීන්ගේ පවසති.

සහන සේවකයන්ගේද සහයෙන් හමුදා නිලධාරීන් දිගටම සිරුර සෙවීමේ යෙදී සිටින අතර ඔවුන් මුහුණපාන බලවත්ම ප්‍රශ්නය වනුයේ දැඩි අනතුරුදායක ප්‍රදේශයක් වන මීරියබැද්දට මහජනයාගේ පැමිණිම බවත් පොලිස් මාර්ග බාධක යොදා දැන් මීරියබැද්ද තහනම් ප්‍රදේශයක් කැර ඇති බවත් වාර්තා වෙයි.

නායයෑමට ලක්වූ මීරියබැද්දට කන්දෙන් හටගත් දිය උල්පත් දැන් කැණීම් සිදු කරන පෙදෙසින් වෙනත් මාර්ගයකට යොමු කිරීමට හමුදාව සමත් වී ඇත.

මේ අතර මීරියබැද්ද වතුයායේ සිදුවු නායයෑමෙන් පීඩාවට පත් පුද්ගලයින්ට සහන සැළසීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසී ය.

 

Rate this item
(0 votes)