May 03, 2024

ඇමතිගේ කන්ටේනර් දෙකක් සැකයක් නිසා රේගුවේ හිර වෙයි

November 02, 2014

අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනම මගින් ගෙන් වු කන්ටේනර් දෙකක් සැකයක් හේතුවෙන් රේගු භාරයේ රඳවා පරීක්ෂා කිරීමෙන් පසු මුදා හැර ඇති බව වාර්තා වෙයි.

පසුගිය අඟහරුවාදා මෙම කන්ටේනර් දෙක රඳවාගෙන ඇත්තේ ඉන් එකක පාවිච්චි කළ වාහන දෙකක අමතර කොටස් ඇතැයි යන සැකය මතයි. එම සැකයට ප්‍රධාන හේතුවී ඇත්තේ බයිසිකල් 200කට එක කන්ටේනරයක් ප්‍රමාණවත් වීම නිසා බව ශ්‍රී ලංකා රේගුව පැවසී ය.

එම පරීක්ෂාවේදී එම අඩි 40X20 කන්ටේනර් දෙකේ ජපානයේ පාවිච්චි කළ බයිසිකල් 200ක් තිබූ බව අනාවරණ වී ඇත. කන්ටේනර් දෙකේ එක්ස්රේ පරීක්ෂණයේදී මෝටර් රථ අමතර කොටස් තිබුණු බව පෙනී ගොස් ඇති බව රේගු ආරංචි මාර්ග පවසයි.

කන්ටේනර පරීක්ෂා නොකරම පසුගිය 31 වැනි දා ඒවා මුදාහළ බවත් බදු වශයෙන් රුපියල් 436,571 ක් ගෙවු බවත් වාර්තා වේ.

තම පළාතේ දුප්පතුන්ට බෙදා දීම සඳහා බයිසිකල් ගෙන් වු බවත් මෝටර් රිථ අමතර කොටස් එහි නොමැති බවත් එම සෑම බයිසිකලයකටම ඉදිරියෙන් බාස්කටයක් ඇති නිසා කන්ටේනර් දෙකක් යොදාගත් බවත්  අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

Rate this item
(0 votes)