May 03, 2024

අතුරුදන්වූවන්ගේ පැමිණිලි කොමිසම මුලතිව්වලට 

November 02, 2014

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව අද (02) සිට ලබන 05 වැනි දා දක්වා මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුද්ගලයන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

අද (02) සහ හෙට (03) දෙදින තුළ මුලතිව්, මුහුදුබඩ පත්තුව (මැරිටියම්පත්තු) දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාද, 04 සහ 05 යන දෙදින තුළ ඔඩ්ඩුසුදාන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පෙරවරු 9.00 සිට පස්වරු 03.00 දක්වා ද මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

එම ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් කලින් පැමිණිලි නොකළ පුද්ගලයන්ටද, මෙම දින තුළදී පැමිණිලි සහ සාක්ෂි සටහන් කළ හැකියාව ඇති බැවින් ඒ සඳහා අදාළ ස්ථාන වෙත පැමිණෙන ලෙස අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව ජනතාව දැනුවත් කර ඇත.

Rate this item
(0 votes)