May 03, 2024

ආපදාවක් නම් දැනුම් දෙන්න

November 02, 2014

සිදුවිය හැකි ආපදාවන් පිළිබඳ තොරතුරු හැකි ඉක්මනින් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත දැනුම් දිය හැකි බව නායයෑමේ සේවා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලවලට, කොළඹ කාර්යාලයේ ෆැක්ස් අංක 0112 -502 611, 0112 - 589 943 ට හෝ දුරකතන අංක 0112 - 588 496 වෙත අදාළ තොරතුරු ලබාගත හැකිය.

මේ අතර ඊයේ (01) දිස්ත්‍රික්ක 07ක් වෙනුවෙන් ආපදා තත්ත්වයන් හා නාය යාමේ අනතුරු ඇඟවීම් සිදු කළ අතර එය ඉදිරි පැය 24ක කාලයක් දක්වා දීර්ඝ කොට ඇත. නුවරඑළිය, කළුතර, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මාතලේ සහ මහනුවර එම දිස්ත්‍රික්ක වේ.

Rate this item
(0 votes)