May 03, 2024

කොළඹ කුණු ජනවාරියේ සිට පුත්තලමට ගෙනයයි

November 02, 2014

කොළඹ නගරයේ දිනපතා එක්රැස්වන කැලිකසළ පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට රජය සැලසුම් කර ඇති බවත් එම වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.  

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

මේ සඳහා 2015 අය-වැය යෝජනාවෙන් රුපියල් මිලියන දස දහසක මුදලක් ද  වෙන් කොට ඇත.

Rate this item
(0 votes)