May 09, 2024

ඇමති විමල් දකුණු කොරියාවට යයි 

November 01, 2014

පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවට (APMCHUD) සහභාගි වීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (01) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සමුළුව නොවැම්බර් 03 සිට 05 වෙනිදා දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවැත්වේ. මෙවර සමුළුවේ තේමාව “තිරසාර සංවර්ධනය සඳහා සමාන අවස්ථා” යන්නයි. මෙවර සමුළුවට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක අමාත්‍යවරු ඇතුළු නිලධාරීහු, නියෝජිතයෝ සහභාගී වෙති. 

සමස්ත නාගරික සැලසුම්කරණය, වරප්‍රසාද රහිත පුද්ගලයන් සඳහා සමාන අවස්ථා ලබාදීමට නාගරික පැල්පත් නවීකරණය කිරීම, මූලික සේවාවන් ලබාදීමට සමස්ත තාක්ෂණය යෙදීම, නිවාසකරණය සඳහා සමාන මූල්‍ය පහසුකම් සහ සමාන අවස්ථාවන් ලබාදීම සඳහා නාගරික සංවර්ධනය යන උප මාතෘකා යටතේ ද මෙහි දී කරුණු සාකච්ඡා කෙරේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා සමඟින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ යන මහත්වරු ද මෙම සංචාරය සඳහා සහභාගී වෙති. 

 

Rate this item
(0 votes)