May 09, 2024

බගවන්තලාව කිව් වතුයායේ නිවාසවලටත් ගල් පෙරලෙන්න ලඟයි (Photos)   

November 01, 2014

බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයායේ වතු නිවාස කීපයකට ඉහළින් තිබූ විශාල ගල් පර්වතයක් පෙරලී ඒමේ අවදානමක් හේතුවෙන් එම වතුයායේ පවුල් 55 කට අයත් පුද්ගලයින් 300 ක් පමණ ඊයේ (31) රාත‍්‍රියේ සෙන්ජෝන්ඩිලරි ඉපැරණි තේ කර්මාන්තශාලාවේ තාවකාලිකව නතර කර තිබේ. 

පසුගිය දිනවල එම ප‍්‍රදේශයට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවත්, එම ගලට පහළින් විශාල ජල පහරක් ගලා ඒමත්   වතු කම්කරුවන්ව පදිංචි නිවාස වලින් ඉවත්කර දේවස්ථානයක තාවකාලිකව නතර කර ඇත.

ඊයේ රාත‍්‍රියේ එම අවතැන් කඳවුර නිරීක්ෂණය කළ පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතා එම ස්ථානයේ ඉඩ පහසුකම් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන්ව තාවකාලිකව ඉපැරණි සෙන්ජෝන්ඩිලරි තේ කර්මාන්ත ශාලාවේ නතර කර කළේය.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් වතු පාලන අධිකාරිය සහ ප‍්‍රදේශවාසීන් විසින් ලබාදී ඇති අතර එම ගල් පර්වතය පෙරලී ඒමේ අවදානමක් පවතිනවාද යන්න පිළිබඳව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අද (01) එම ස්ථානය නිරීක්ෂණය කරන බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

Rate this item
(0 votes)