May 09, 2024

ගාල්ලේ පාලමක් කඩා වැටෙයි (Photos) 

November 01, 2014

ගාල්ල, මායාකඩුව - පැඟිරිහේන මාර්ගයේ ඇති මැදගොඩ පාලම කඩා වැටීමෙන් ප්‍රදේශවාසීන් අපහසුතාව ලක් වී තිබේ.

පසුගිය 30 වැනි දා සවස 5.00 පමණ ගාල්ල, මායාකඩුව බස්රථය එම පාලම පසුකිරීමත් සමඟම පාලම කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ හේතුවෙන් මායාකඩුව, කෝඹල ඇතුළු ගම්මාන කිහිපයක් සදහා ගමනාගමන පහසුකම් ඇනහිට ඇත. මාර්ගයේ බස් රථ ධාවනය ද මේ සමඟින් නතර කෙරිණි.

මේ දිනවල පවතින අධික වර්ෂාවත් මෙසේ පාලන කඩා වැටීමට හේතු වී ඇත. කෙසේ නමුත් අදාල පාලමේ කඩා වැටණු ප්‍රදේශයට විරුද්ධ ප්‍රදේශය ද මෙසේ මීට පෙර කඩා වැටී ඒ සදහා යකඩ තහඩුවකින් ආවරණය කර තිබුණි.

ඉමදුව - ලංකින්ද නානායක්කාර 

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ පාලම කඩා වැටී ඇති ආකාරයයි.

 

Rate this item
(0 votes)