May 08, 2024

නාලන්ද විදුහල්පතිට ගණන් බෑ?

කොලඹ නාලන්දා විදුහලේ 90 වැනි සැමරුම 2015 වසරට යෙදී තිබුණත් එහි වර්තමාන විදුහල්පති මේ වසරේදී අනූ වැනි සංවත්සරය සැමරීමට කටුයුතු කිරීම සම්බන්ධයෙන් එහි ආදිසිසුන් පිරිසක් විරෝධය දක්වමින් කොළඹ ඕ.පී.ඒ. ශ්‍රවණාගාරයේ ඊයේ (31) මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

නාලන්දා විදුහලේ 90වැනි සංවත්සරය 2015 වසරේ නොවැම්බර් මස පළමුවැනිදාට යෙදී තිබුණත් ඒ වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් නාලන්දාවේ 90 වැනි සංවත්සරය නමින් අද (01) සිට ක්‍රියත්මක කිරීමට කටුයතු කිරීම පාසල් සිසුන්ට පාසලේ ඉතිහාසය පිළිබඳව වැරදි වැටහීමක් ලබාදීමක් බව එම ආදී සිසුන් පවසති.

ඒ සඳහා නිර්මාණය කළ ලාංඡනයේදී පාසල් ලාංඡනය වැරදි ආකාරයට ඉදිරිපත් කර තිබූ බවද ආදි සිසුහු පෙන්වා මෙහිදී පෙන්වා දුන්හ.

නාලන්දා විදුහල 1925 වසරේ නොවැම්බර් මස 01දා ලියාපදිංචි කර තිබෙන බවට සාක්ෂි සහිතව පෙන්වාදිය හැකි බව පැවැසූ ආදි සිසුන් වර්තමාන විදුහල්පතිවරයා එම වර්ශය 1924 ලෙස වෙනස් කර තිබෙන බවත් පැවැසීය.

කෙසේ වෙතත් සැමරුම් උත්සවය අවලංගු නොකර සිදූවූ වැරැද්ද පිළිගෙන එය නිවැරදි කරන ලෙසත් නාලන්දාව අනූවැනි සංවත්සරයට එළැඹීම යනුවෙන් එම වැඩසටහන වෙනස් කරන ලෙසත් ආදි සිසුන් ඉල්ලා සිටි.

මාධ්‍ය හමුව ඉදිරියට යන අවස්ථාවේදී ලැබුණු පණිවුඩයකින් කියවුණේ එම උත්සවය, නාලන්දාවේ උපන්දින සැමරුම ලෙස වෙනස් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙන බවයි.

එහිදී අදහස් දැක්වූ ආදි සිසුවෙක් ප්‍රකාශ කළේ සංවිධානය කර ඇති පාගමන ඒ ආකාරයෙන්ම සිදුකරන ලෙසත් නමුත් ඒ සඳහා නිර්මානය කළ 'නාලන්දාවේ 90වැනි සැමරුම' යනුවෙන් මුද්‍රණය කළ ටී- ෂර්ට් යොදා නොගන්නා ලෙසත්ය.

එසේම පාසල් සිසුන් ඒ සඳහා යොදාගැනීමේදී ඔවුන්ව පාසල් නිල ඇඳුමෙන් යොදාගන්නා ලෙසත් ඔහු පවසා සිටියේය.

වසර 2012 දී පැවැති සැමරුම් උත්සවය සඳහා නිකුත් කළ සමරුපොතේදී විදුහල්පතිවරයා එය නාලන්දාවේ 87 වැනි සැමරුම ලෙසින් හඳුන්වා තිබියදීත් 2014 වසර 90 වැනි සැමරුම වූයේ කෙසේද යනුවෙන්ද ඔවුහු ප්‍රශ්න කළහ.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 November 2014 11:58