May 08, 2024

ඉන්දියාව ඉන්ධන මිළ පහළ‍ට - ලංකාවේ මිල සමවෙයි

November 01, 2014

ඉන්දීය රජය පෙට‍්‍රල් සහ ඩීසල් මිල නැවතත් අඩු කර ඇති බවත් ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් 2.41කින් අඩු කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නව මිල ඉන්දීය රුපියල් 64යි ශත 25ක් වේ. ඩීසල් මිල රුපියල් 2.25කින් අඩු කිරීමෙන් පසු නව මිල වන්නේ රුපියල් 53යි ශත 25කි.

ඒ සමඟම එල්.පී. ගෑස් මිල ද අඩු කර ඇති අතර කිලෝග‍්‍රෑම් 14.2ක ගෘහස්ත සිලින්ඩරයක නව මිල ඉන්දීය රුපියල් 865කි. 

ඉන්දියාව මෙලෙස තෙල් මිල අඩු කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයෙන් පසු හය වන වතාවටයි. ජාත්‍යන්තර වෙළදපළේ තෙල් මිලට සාපේක්ෂව ඉන්දියාව මෙලෙස තෙල් මිල සංශෝධනය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඔවුන් බෙදා හරිනු ලබන ඉන්ධන අද (01) සිට දිවයිනේ සෑම ප‍්‍රදේශයකින් එකම මිලකට ලබා ගත හැකි ලෙස මිළ සමාන කර ඇත.

ඒ අනුව කොළඹ පිරවුම්හල්වල ඩීසල් හා පෙට්‍රල් විකුණන මිලට වඩා ශත 50 ක් 60 ක් වැඩියෙන් පිට පළාත්වලදී ඩීසල් හා පෙට්‍රල් විකිණීම පසුගිය කාලය පුරා සිදුකළද එය අද සිට නතර කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසී ය.

නමුත් මෙරට ඉන්ධන මිළ  ජාත්‍යන්තර වෙළදපළේ තෙල් මිලට සාපේක්ෂව අඩු කළ බවත් නොපෙනේ. කෙසේ නමුත් පසුගියදා ඉන්ධන මිල අඩු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැන්වීය.

 

Rate this item
(0 votes)