May 08, 2024

බලංගොඩ නාය යයි - දෙදෙනෙක් මරු දකී 

බලංගොඩ, ඕලුගංතොට ප්‍රදේශයේ නිවසක් මතට අද (31) පස්වරු 3.15ට පමණ පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක හා 55ක පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් ඇල්ල, කුඹල්වෙල , කොට්ටගස්වත්ත ප්‍රදේශයේ නිවාස 60ක පුද්ගලයින් ඉවත් කර තිබේ. 

 

Rate this item
(0 votes)