May 21, 2024

නව දූත මණ්ඩල ප්‍රධානීහු 05ක් වැඩ අරඹයි  

නව දූත මණ්ඩල ප්‍රධානීහු 05දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (30) සිය අක්තපත්‍ර භාර ගත්තේය.

ඒ අනුව ස්විස්ටර්ලන්තයේ නව තානාපතිවරයා වශයෙන් Heinz Walker, පෝලන්ත තානාපතිවරයා වශයෙන් Tomasz Lukaszuk, බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා වශයෙන් Tarik Ahsan, බෙල්ජියමේ තානාපතිවරයා වශයෙන් Jan Luykx හා කියුබානු තානාපතිවරයා වශයෙන් Florentino Batista Gonzalez මහත්වරු ජනාධිපතිවරයා අතින් සිය අක්ත පත්‍ර භාර ගත්හ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Rate this item
(0 votes)