May 22, 2024

යුරෝපයේ එල්ටිටීඊ තහනම ඉවත් කිරීම ගැන වැඩපිළිවෙළක්    

යුරෝපයේ පැවැති එල්ටිටීඊ තහනම ඉවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිතවත් රටවල් හා සංවිධාන සමඟ එක් ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

මේ සම්බන්ධයෙන් පැවැති නඩුවට ශ්‍රී ලංකාව නියෝජනය කරනු නොලැබුවේ ජාත්‍යන්තර නියෝග ශ්‍රී ලංකාවට අදාළ නොවන හා එය පිළිනොගන්නා බවත් එසේ සහභාගි වූවේ නම් ඔවුන්ගේ තීරණය ශ්‍රී ලංකාව විසින් පිළිගත්තා හා සමාන වන නිසා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එබැවින් මෙම සිද්ධිය සඳහා ඍජුව සම්බන්ධවීමක් සිදු නොකරන බවත් විවිධ පාර්ශවයන් හා එක් ව ඊට විරුද්ධව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පැවසී ය.

Rate this item
(0 votes)