May 06, 2024

ජල මට්ටම ඉහළට - ගංඟා ආශ්‍රිත ජනතාවට අනතුරු අඟවයි

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාදම්පේ - විලත්තව මාර්ගය බර වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබේ. මේ අතර බිංගිරිය, හලාවත, වාරියපොළ සහ නිකවැරටිය යන ප්‍රදේශවලට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇතතේ හදිසි කාළගුණ වෙනස්වීම් ඇති විය හැකි බවටයි.

පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළේ මාදම්පේ - විලත්තව මාර්ගයේ ස්ථානයකට ගසක් කඩා වැටීම හේතුවෙන් ඉහත තත්ත්වය හටගෙන ඇති බවයි. ඒ අධික වැසි තත්ත්වය මත මැදගම - පනිරෙන්දාව පිහිටි රක්ෂිත වනාන්තරයේ දැවැන්ත ගසක් කඩා වැටීම හේතුවෙනි.

තවද ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කැළණි, කළු,දැඳුරු සහ අත්තනගලු ඔය ආශ්‍රිතව වෙසෙන ජනතාව වඩාත් විමසිලිවන්තව සිටිය යුතු බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ. එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මේ වන විටත් එම ගංඟාවල ජල මට්ටම සීඝ්‍රෙයන් ඉහල යමින් පවතින බවයි.

Rate this item
(0 votes)