May 06, 2024

කඳුකරයට මහ වැසි - කාසල්රී සහ විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඊයේ (30) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟම කාසල්රී ජලාශය ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන තිබේ. 

විමලසුරේන්ද්‍ර ජලාශයද ඊයේ පස්වරුවේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇති අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3 ක් ඊයේ රාත‍්‍රියේ සිට විවෘතකර ඇත.

මාවුස්සාකැලේ ජලාශයද පිටාර මට්ටමට අඩි 7 ක් තිබෙන බවත් ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමඟම විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නවලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය සහ ඉහළ කොත්මලේ යන විදුලි බලාගාර උපරීම ධාරිතාවයකින් යුක්තව විදුලිය උත්පාදනය කරන බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

Rate this item
(0 votes)