May 06, 2024

කදුකර මාර්ගවල ගමනාගමනය සීමා කරන්න

කළුතර, රත්නපුර, කෑගල්ල, මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටඇදහැලෙන අධික වර්ෂාව නිසා එම දිස්ත්‍රික්කවල පිහිටි කඳුසහ කඳුකරබෑවුම් ආදිය නායයාමට ලක්විය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ.

අදාළ දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිත මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාටද, ඒ ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවටද කඳු නායයාමේ අවදානම පිළිබඳව සැලකිලිමත්වන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි.

Rate this item
(0 votes)