May 06, 2024

කොස්ලන්ද විපතට අමේරිකාවේ ශෝකය

කොස්ලන්ද ප්‍රදේශයේ සිදුවූ නායයාම්වලින් විපතට පත්වූ පවුල් හා ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු රජයේ සංවේගය පළ කර සිටින බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සිය ආදරණීයයන්ගේ වියෝව පිළිබඳව ශෝක වන අයට උපකාර කිරීමත්, තුවාල ලද අයට ප්‍රතිකාර කිරීමටත්, මෙම ස්වභාවික උපද්‍රවයෙන් ඇති වූ මහා විනාශය සහ පාඩුව ගැන කටයුතු කිරීමටත් ඇමෙරිකාව සූදානම් බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රජය සහ රජයේ සන්නද්ධ හමුදාවන්ගේ ඉක්මන් ප්‍රතිචාරයත්, වික්‍රමාන්විත මෙහෙයුම් සහ බේරා ගැනීමේ උත්සාහයත් ඇමෙරිකානු රජයේ ඇගයුමට ලක්ව තිබේ.

Rate this item
(0 votes)