May 19, 2024

ගම්පොලටත් නායයාමේ තර්ජනයක් - මාර්ග 8ක් වසා දමයි

අධික වර්ෂාව සමඟ ගම්පොල ප්‍රදේශයේ ස්‌ථාන 22 ක පමණ ඊයේ (29) රාත්‍රි පස්‌ කඳු කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ග 8 ක්‌ වසා දමා තිබේ.

මේ අතර නිවාස කීපයකටද හානි සිදුව ඇත. පස්‌ කඳු කඩා වැටීම නිසා මාර්ග අවහිර වීමෙන් මෙසේ වසා දමා ඇත්තේ ගම්පොල - අම්බුළුවාව හරහා හෙම්මාතගම මාර්ගය, ගම්පොළ - වටදෙනිය හරහා කඩුගන්නාව මාර්ගය සහ ගම්පොල - ගලහ මාර්ගයන්ය.

ගම්පොල නිදහස්‌ මාවත - සිංහාපිටිය මාර්ගය, ගල්පාය, පුපුරැස්‌ස මාර්ගය, පුස්‌සැල්ලාව මාර්ගය හා දුනුකේඋල්ල ප්‍රදේශවල නිවාස කීපයකට බරපතළ හානි සිදුව ඇති අතර නාය යාමේ තර්ජනයකට ලක්‌ව ඇති ගම්පොල සිංහාපිටියේ උඩ කොටසේ පවුල් 5 ක්‌ ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව උඩපළාත ප්‍රාදේශීය ලේකම් ඉන්දික අනුරුද්ධ පියදාස මහතා සඳහන් කරයි.

Rate this item
(0 votes)