මෙරට කඳුකර ප්‍රදේශවල මීටර් 300 කට වඩා උසින් වැඩි ප්‍රදේශවලින් සියයට 20 ක භූමි ප්‍රමාණයක් ඕනෑම මොහොතක නාය යැමකට ලක්‌විය හැකි බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි.
{module LOLC}
කඳුකර ප්‍රදේශවල මතුපිට පස් තට්‌ටුව එහි යටි පස් තට්‌ටුව සමග ඇති සම්බන්ධතාව බිඳී යැමෙන් මතුපිට පස්‌තට්‌ටුවේ ගල් වැලි හෝ පස් නිමේෂයකින් එතැනින් ඉවත් වීමකින්, බැසීම හෝ ලිස්‌සා යැමක් නාය යැමක් ලෙස හැඳින්වේ. එලෙස නාය යැමක් සිදු වීමට මතුපිට පස් තට්‌ටුව හා යටි පස් තට්‌ටුව අතරට ජලය ගමන් කිරීම, අකුණු ගැසීම් වැනි අවස්‌ථාවල ඇතිවන හදිසි කම්පන හෝ මතුපිට පස් තට්‌ටුවේ බර වැඩිවීම හේතුවිය හැකි බවද මහාචාර්ය එපිටවත්ත මහතා පෙන්වා දෙයි.
මුළුමනින්ම ස්‌වාභාවික ක්‍රියාවලියක් වන මෙය මිට වසර දහස් ගණනකට පෙර සිට සිදු වූ ක්‍රියාවලියක් වන අතර මිනිසා සිදු කරන පරිසර හානි නිසා අදවන විට නායයෑම් අවධානම් වේගවත් වී තිබේ. නාය යැමට ලක්‌වී ඇති ප්‍රදේශවල ජනාවාස ඇති කිරීමෙන් ජීවිත හානි සිදු වෙයි.
නාය යැමට ආසන්න ප්‍රදේශවල භූ දර්ශනයන්හි සිදුවන වෙනස්‌වීම් පිළිබඳ කරුණු අනාවරණය කරමින් මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා පවසන්නේ කඳුකර ප්‍රදේශවල ඇති ළිංවල ජලයේ පැහැය වෙනස් වීම, උල්පත් සිඳීයැම වැනි ලක්‍ෂණ පිළිබඳ අවධානයකින් පසුවන්නේ නම් නාය යැම් නිසා සිදුවන ජීවිත හානි අවම කර ගත හැකි බවයි.