May 19, 2024

නුවරඑළිය දිස්ත‍්‍රික්කයත් නායයෑමේ - අවදානමේ පවුල් 150 ක් ඉවත් කරයි 

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ දැණුම් දීමක් මත නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නායයෑමේ අවදානමක් ඇති ස්ථාන කිහිපයක පවුල් 150 කට ආසන්න පිරිසක් තාවකාලිකව එම ස්ථානවලින් ඉවත් කළ බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි. 

ඒ අනුව නුවරඑළිය, රාගල, දියනිල්ල සහ කොත්මලේ වැවන්ටන් යන ප‍්‍රදේශවලින් එම පිරිස් ඉවත්කර ඇත. 

තාවකාලිකව එම පිරිස් සුභසාධන කඳවුරු වල නතර කර ඇති බවත් ආපදා කළමණාකරන ඒකකය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් නායයෑම් සහ ගල් පෙරලීම් යන අවදානම් එම පෙදෙස් වල තිබූ බවත් දිස්ත‍්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

 

 

 

 

Rate this item
(0 votes)