May 19, 2024

නාසා රොකට්ටුවක් ගුවන්ගත වූ සැණින් පුපුරා ගිය හැටි (Video)

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සැපයුම් සිදුකරන මිනිසුන් රහිත අමෙරිකානු රොකට්ටුවක් ගුවන්ගත කර සුළු වේලාවකදී පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ, වර්ජිනියා ප්‍රාන්තයේ සිට ගමන් ආරම්භ කළ මෙම රොකට්ටුව ‘ඇන්ටාරේස්‘ ලෙස නම්කර තිබේ.

මෙම සැපයුම් රොකට්ටුව මෙසේ සුළු වේලාවකදී පුපුරා යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් අරඹා ඇති බවද වාර්තා වෙයි.

මෙම රොකට්ටුව පසුගිය සඳුදා අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබුණත්, වෙරළාසන්න අභ්‍යවකාශ තොට ආසන්න අනාරක්ෂිත සීමාවේ විශාල යාත්‍රාවක් ගමන් කරමින් තිබීම නිසා එහි ගමන ඊයේ (29) දක්වා කල් දමා තිබිණි.

මෙම රොකට්ටුව තුළ අන්තර්ජාතික අභ්‍යවකාශ ඒජන්සියේ සිටින ගගනගාමීන් 6 දෙනෙකුට අවශ්‍ය කිලෝ ග්‍රෑම් 2,200ක සියලු සැපයුම් සමග අභ්‍යවකාශ ගත වී තිබුණි.

ඒ අතර ඔවුන් පර්යේෂණ සඳහා අවශ්‍ය මෙවලම් රැසක් මෙන්ම,  ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 600ක් තිබූ බවද වාර්තා වෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 31 October 2014 12:13