May 19, 2024

හල්දුම්මුල්ල පාසල් 4ක් වසා දමයි

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වෙත බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (30) සිට නොවැම්බර් 03 දක්වා හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 4ක් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව අම්පිටි කන්ද කණිෂ්ඨ විද්‍යාලය, කොස්ලන්න දෙමළ මහා විද්‍යාලය, පූනාගල දෙමළ මහා විද්‍යාලය හා ක්‍රේක් විද්‍යාලය ලබන සඳුදා(03) වනතුරු වසාතබන ලෙස ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එස්.පී අඹන්වල මහත්මියට උපදෙස් ලබාදී ඇත. 

 

Rate this item
(0 votes)