May 19, 2024

(UPDATE-09) නාය ගිය පුද්ගලයින් අතරමඟ- නිරීක්ෂණ ඇරඹේ (Video)

හල්දුම්මුල්ල, මිරියබැද්ද නාය ගිය ප්‍රදේශයේ වර්ෂාව යළි ඇරැඹීමත් සමඟ සහන කටයුතු ද අඩාල වී ඇති බවත් ඒ හේතුවෙන් නිරීක්ෂණ කටයුතු ගුවන් හමුදාවට භාර දී ඇති බවත් අප වාර්තාකරු පවසයි.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් නිරික්ෂණ කටයුතු සිදු කරන බවත් වැසි තත්ත්වය හේතුවෙන් කඳු මුදුනේ සිට දිය පහරක් එම පෙදෙසින් ගලා බසින බවත් මේනිසා නැවතත් නාය යාමේ අවදානම් පවතින බවත් වාර්තා වෙයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම ප්‍රදේශයේ සහන කටයුතු සිදුකරන ආකාරය සොයා බැලීය.

එම ප්‍රදේශයේ පස් ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර යොදා තිබේ.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

එම ඡායාරූප හ වීඩියෝව පහතින් දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 October 2014 18:59