May 19, 2024

හල්දුම්මුල්ලට යළිත් වර්ෂාව - පස්කඳු තව දුරටත් කඩා වැටීමේ අවධානමක් (update 08)

හල්දුම්මුල්ල මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය තව දුරටත් බරපතල වෙමින් පවතින බව එහි සිටින ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරයි.

එනම් මේ වන විට එකී ප්‍රදේශයට සහ ආසන්න ප්‍රදේශවලට වර්ෂාව ඇද හැලෙමින් පවතින අතර තිබෙන පස්කඳු තව දුරටත් කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දැනට ක්‍රියාත්මක පස්කඳුවලට යටවී ඇති පිරිස් සේවීමේ කටයුතුවලට බාධා පැනනැගී ඇත.

එහෙත් ගුවන් හමුදාව තව දුරටත් ගුවන් මගින් ආපදා තත්ත්වයේ පසුවන පිරිස් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවද අප වාර්තාකරු සඳහන් කරයි.

ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ

 

Rate this item
(0 votes)