May 06, 2024

බිරිඳගේ ගෙළ කපා සැමියා එල්ලී මරුට

ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ බිරිඳගේ ගෙල කපා පසුව සැමියා සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වී තිබේ. අද (29) දහවල් සැමියා විසින් සිය බිරිඳ ගේ ගෙල පිහියකින් කපා ඔහු නිවසේ බාල්කයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. 

ඒ ගාල්ල, හබරාදුව, කළුගල, ග‍්‍රාමීය රෝහල අසළ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන්.

පහරකෑමට ලක්වූ ස්ත්‍රීයගේ ගෙල පෙදෙසට බරපතල තුවාළ සිදුවී ඇති බවත්, ඇය මීට ස්වල්ප වේලාවකට පෙර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසේ. 

අඹුසැමි යුවළ අතර, දීර්ඝ කාලයක සිට මත ගැටුම් හා රණ්ඩු සරුවල් පැවති බව අසල්වැසියෝ සඳහන් කර තිබේ.

 

Rate this item
(0 votes)