May 06, 2024

කොළඹ වරායෙන් ගොඩබාන්නේ පැයකට 01 කන්ටේනරයයි

මේ වනවිට කොළඹ වරාය සේවකයන් කන්ටේනර් ගොඩබෑමේදී පැයකට එක් කන්ටේනරය බැගින් සීමාකර ගොඩබෑමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පැයකට කන්ටේනර් 34ක් ගොඩබානු ලබයි.  

ඒ කන්ටේනර් ගොඩබෑම වෙනුවෙන් නැව් ඒජන්තවරුන් විසින් සේවකයන්ට ලබාදෙන සන්තෝෂම් මුදල්වලින් විශාල කොටසක් මංකොල්ලකන බව සඳහන් කරමින්.

මාසයකට රුපියල් කෝටි හතහමාරකට වැඩි මුදලක් නැව් ඒජන්තවරුන් ලබාදුන්නත්, සේවකයන්ට ලබාදෙන්නේ එම මුදල්වලින් රුපියල් තුන්කෝටි දස ලක්ෂයක් පමණක් බවද එම සේවකයෝ සඳහන් කරති.

මේ නිසා සේවකයන්ට වැඩි කොටසක් ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය දියත් කරනු ඇති.

 

Rate this item
(1 Vote)