May 03, 2024

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය පළඳවයි (PHOTOS)

November 09, 2021

අනුරාධපුර, සඳහිරු සෑ කොත් වහන්සේ මත චූඩා මාණික්‍ය තැන්පත් කීරීම ඊයේ (08) උදෑසන මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සිදුකෙරුණා.

සඳහිරු සෑ රඳුන් සසුනට පූජා කිරීමේ මහා පිංකම නොවැම්බර් මස 18 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

2010 වසරේ නොවැම්බර් 11 වනදා පළමු පස් පිඩැල්ල කැපීමේ සිට පුරා වසර 11 ක් මුළුල්ලේ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරනු ලැබුයේ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැනුමෙන් හා ශ්‍රමයෙන් වීම විශේෂත්වයක්.

දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිස් හැකි සෑම අවස්ථාවකදී ම ශ්‍රම දායකත්වය හා මුල්‍ය දායකත්වයද මේ සඳහා ලබාදුන් අතර එළඹෙන 18වන  දිනෙන් පසු බෞද්ධ ජනතාවට මෙම සිද්ධස්ථානය වැදපුදා ගැනිමේ අවස්ථාව උදාවනවා.

May be an image of temple and outdoors

May be an image of one or more people, people standing and outdoors

May be an image of 6 people, people standing and outdoors

Rate this item
(0 votes)