May 07, 2024

නාය ගිය ගමම පණපිටින් මිහිදන්!- දිස්ත්‍රික් ආපදා නිළධාරී (UPDATE 04)

මීරියබැද්ද වත්ත ගම්මානය සම්පූර්ණයෙන් යටවී ඇති බවත්, එම ගම්මානයේ ඒ වන විට ජීවත් වූ කිසිදු පුද්ගලයෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නොහැකි බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එම්.එල්. උදයකුමාර මහතා  මාධ්‍ය වෙත පවසා තිබේ. 

එහෙත් ආපදා කළමණාකරන ජාතික මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා ඒෂියන් මිරර් කළ විමසීමකදී එම තොරතුරු තහවුරු නොකළේය. ඔහු සඳහන් කළේ තමන්ට මෙතෙක් ලැබී ඇති තොරතුරුවලට අනුව තහවුරු කළ හැක්කේ 250 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 October 2014 12:07