May 17, 2024

පියතුමන්ලා විශාල පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය අසලට රැස්වෙයි - සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගනීද?

November 08, 2021

මෙම අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා එම දැනුම් දීම සිදුකර තිබෙනවා.

මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ, එම අවස්ථාවේදී සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවය.

විමර්ශන කටයුතු නිමා වීමෙන් පසුව නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා.

මෙහිදී  සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ, දැනුම් දෙන සුදුසු වෙලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බවය.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසය.

මේ අතර පියතුමන්ලා, පැවිදි සොයුරන් සහ පැවිදි සොයුරියන් මෙන්ම භික්ෂූන් වහන්සේලාද සාමාන්‍ය ජනතාවද අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට එක්‍ රැස්වී සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:23