May 17, 2024

හැංගිමුත්තන් කළ චීන පොහොර නැව බේරුවල මුහුදෙන් මතුවෙයි

November 08, 2021

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් "HIPPO SPIRIT" නැමති නෞකාව මේ වනවිට කළුතර - බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙනවා.

Marine Traffic වෙබ් අඩවිය ඒ බවට තොරතුරු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් නෞකාව කොළඹ වරායට පැමිණෙන බවක් තමාට දැනුම් දී නොමැති බවයි හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා පවසන්නේ.

අවශ්‍ය සැපයුම් ලබාගැනීම සඳහා නෞකාවට කොළඹ වරයාට සේන්දු විය හැකි නමුත් එම අහිතකර කාබනික පොහොර තොග වරායට ගොඩබෑමට ඉඩක් නොමැති බව ද ඔහු සඳහන් කළා.

වරින් වර චන්ද්‍රිකා සබදතා විසන්ධි කරමින් ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරමින් තිබෙන මෙම චීන විෂ පොහොර නැව ඊයේ ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් පැවති බවයි ඉන් වාර්තා වෙන්නේ.

මෙම නෞකාවේ ඇති පොහොර ලබා ගැනීම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කළ දිනයේ සිට ම, එය මේ අන්දමට වරෙක ශ්‍රී ලංකාවෙන් ඈතට යමින්ද තවත් වරෙක ආසන්නයට පැමිණෙමින්ද මෙරට මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබෙන බව සඳහන්.

මේ අතර ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර සම්බන්ධයෙන් මෙතරම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණ වී ඇත්තේ ඒ සඳහා ගිවිසුම් සකස් කිරීමේදී ඇතිවූ ගැටලුවක් නිසා බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා.

අපනයනකරුගෙන් එන්තරවාසියක්

මේ අතර ආන්දෝලනාත්මක චීන පොහොර නැවේ අපනයනකරු වන චින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගම විසින් ජාතික ශාඛ නිරෝධායන ආයතනයට එන්තර වාසියක් යවා තිබෙනවා.

අදාළ එන්තර වාසිය චින්ඩාවෝ සීවින් බයෝටෙක් ආයතනය සිරස නාලිකාවට වෙත යවා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සහ අසත්‍ය වාර්තා හේතුවෙන් තමන්ට ඩොලර් මිලියන අටක අලාභයක් සිදුව ඇති බවයි.

මෙම එන්තර වාසියෙන් චින්ඩාවෝ සමාගම දන්වා ඇත්තේ එන්තර වාසිය ලැබී දින තුනක් ඇතුළත තමන්ට මෙම අලාභය ගෙවිය යුතු බවටයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:23