May 06, 2024

දිනකට ලංකාවේ එක් කාන්තාවක් සහ පිරිමින් තිදෙනෙකු මුඛ පිළිකාවට ගොදුරු වේ

දැනට පිරිමි වෙත වැළඳී ඇති බහුලම පිළිකාව මුඛ පිලිකාව බවට අනාවරණය වී තිබේ. සෑම දිනකම ලංකාවේ පිරිමින් තිදෙනෙක් හා එක් කාන්තාවක් මෙම පිළිකාවට ගොදුරු වන බවයි වාර්තා වන්නේ.

ආසන්න වසර දෙක තුළදී මුඛ පිලිකාව වැඩි වීමට හේතුව වී ඇත්තේ මත්පැන් හා දුම්වැටිවල මිල ගණන් ඉහල යෑම හේතුවෙන් ජනතාව බුලත්විට කෑමට නැඹුරු වීම බවද අනාවරණය වී තිබේ.  ලොව ඇති විෂ අධිකම ඇට වර්ගයක් වන පුවක්, බුලත්විට සඳහා  (රට පුවක්, සිංහල පුවක්, මඩ පුවක්) භාවිතා කිරීම හේතුවෙන් මෙම මුඛ පිළිකා වැළදෙන බවයි සඳහන් වන්නේ.

මේ බව හෙළි වී ඇත්තේ වව්නියාව මහ රෝහලේ පිහිටා ඇති මුඛ හා මුඛ හනුක පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒකකය  විසින් සිදු කළ සමීක්ෂණයකට අනුවය. එය උතුරු පළාතේ ඇති එකම මුඛ හා මුඛ හනුක පිළිබඳ සායනය වන අතර මේ දිනවල උතුරේ මුඛ පිළිකා වැළඳුනු බොහෝ පිරිසක් ඊට පැමිණිම හේතුවෙන් ඔවුන් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

වන්නි - රොමේෂ් මධුෂංක

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 29 October 2014 10:47