May 19, 2024

මීරියබැද්දවත්ත වතු නිවාස සමඟ තවමත් නාය යයි 

හල්දුම්මුල්ල, මීරියබැද්දවත්ත ප්‍රදේශය මේ වනවිට නාය යමින් පවතින බවත් එම ප්‍රදේශයේ පිහිටි වතු නිවාස පේලි 6ක් නිවාස 50ක් පමණ මේ වන විටත් පස් කන්දකින් යටවී ඇති බවත් වාර්තා වෙයි. 

එම ප්‍රදේශයේ සිටින ජනතාව මුදා ගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.

මේවන විට මිරියබැද්ද නාය යම හේතුවෙන් වෙළද සැලක්, කෝවිලක් නිල නිවස දෙකක්ද නාය ගොස් ඇති අතර මීරිගබැද්ද වතු යාය නාය යෑම තවදුරටත් සිදුවෙමින් තිබෙන බවත් වාරතාවෙයි. 

මේ වනවිට වර්ග කිලෝමීටරයකට ආසන්න ප්‍රදේශයක් නාය ගොස් තිබේ. මේ හේතුවෙන් බොහෝ පිරිසක් අතුරුදන්වී ඇති බවද වාර්තා වෙයි. 

මේ නාය යාමෙන් ලයින් පේළි හානිවී තිබේ. අද පෙරවරු (29දා) පෙරවරු 8.30ට පමණ මෙම නායයාම සිදුව තිබේ.

යුද හමදාව හා පොලීසිය එක්ව මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබේ.

නාය යෑමෙන් 200 වැඩි පිරිසක් අතුරුදහන් - 14 ක සිරුරු හමු වේ (UPDATE 2)

(UPDATE-3) නායයාමේ ඡායාරූප සියල්ල මෙන්න 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 October 2014 11:45