May 19, 2024

මන්නාරම් සමූහ මිනීවළේ මරණ සිදු වූ අයුර සොයා බැළේ - වාර්ථාව අධිකරණයට

මන්නාරම සමූහ මිනීවළේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කැනීම් වාර්තාව  මන්නාරම අධිකරණය වෙත ලිඛිතව ඉදිරිපත් කළ බව අනුරාධපුර රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩි.එල්.වෛද්‍යරත්න මහතා පැවසීය.

වෛද්‍යරත්න මහතා පැවසුවේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදු කළ ආකාරය,කැනීම් කටයුතුවලින් සොයාගත් අස්ථී කොටස් ගණන ආදි කරුණු ඇතුළත් මූලික වාර්තාවක් එලෙස අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

සමූහ මිනීවළ තුළින් සොයාගත් අස්ථී කොටස් 82ක් සම්බන්ධයෙන් අදාළ මරණයන් සිදු වි ඇති ආකාරය කෙසේද යන්න සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු තවමත් සිදු කරන බැවිද හෙතෙම පැවසීය.

අස්ථී කොටස් විශාල ප්‍රමාණයක් පවතින බැවින් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කණ්ඩායමක් සහභාගි කරවා ගැනීමට නියමිත බැවිද වෛද්‍යරත්න මහතා පෙන්වා දෙයි.

මන්නාරම සිට තිරුකේදීශ්වරන් දක්වා ජල නළ පද්ධතියක් සකස් කරමින් සිටි සේවකයින් පිරිසකට පසුගිය 2013දෙසැම්බර් මස 20වැනිදා පළමු වරට සමූහ මිනිවළ තුළින් අස්ථී කැබලි හමු වු අතර,මන්නාරම අධිකරණ නියෝග මත අදාළ ස්ථානයේ අස්ථී කොටස් ගොඩ ගැනීම සිදු කරනු ලැබීය.

වන්නි  - රොමේෂ් මධුෂංක

Rate this item
(0 votes)