May 19, 2024

යාල් දේවියෙන් උතුරු දකුණු සහෝදරයින් හමුවේ

උතුර දකුණ යා කෙරෙන සහෝදරත්වයේ මිත්‍රත්ව පාලම වැඩසටහන යටතේ මදර් ශ්‍රී ලංකා ට්‍රස්ට් හා යුදහමුදාව එක්ව උතුරේ සහ දකණේ අධ්‍යාපනික සිසු සිසුවියන්ගේ සුහද හමුවක් හා අධ්‍යාපනික සම්මන්ත්‍රණ කිහිපයක් යාපනයේදී යාපනය ආරක‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

මේ අනුව කොළඹ පිහිටි පාසල් වලින් සිසු සිසුවියන් 100 ක්ද මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිසුසිසුවියන් 50ක් හා ගුරුවරුන් පිරිසක් කොළඹ සිට යාල් දේවි දුම්රියෙන් යාපනයට පැමිණි අතර එහිදී පැමිණි පිරිස යාපනයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් 150 කගේ පමණ සහභාගීත්වයෙන් පිළිගනු ලැබීය.

මෙහිදී  යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේදී උතුරේ සහ දකුණේ සංස්කෘතීක අංග ඇතුළත් ප්‍රසංගයක් මෙන්ම සංස්කෘතික ආහාර පාන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි.

පසුව යාපනය වීරසිංහම් ශාලාවේදී අධ්‍යාපනික හා ධනාත්මක දේශන ඇතුළත් සම්මන්ත්‍රණ මාලාවක් පැවති අතර මේ සඳහා උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එස්.ෂත්‍යෂීලන් මහතා,යාපනය ආරක‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා, මදර් ශ්‍රීලංකා භාරයේ සභාපතිනි ජානකී කුරුප්පු මහත්මිය යන අය විසින් අදාල සම්මන්තණයෙහි දේශනයන් පවත්වන ලදි.

 

Rate this item
(0 votes)