May 19, 2024

දැරියට අසභ්‍ය රූප පෙන්වා 'සීයා' තිරිසන් වැඩ කරලා 

වැල්ලවාය, දොඩම්මැඩියාව ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දැරියකට ඇයගේ ඥති සීයා කෙනකු විසින් ලිංගික අතවර කර තිබේ.

දැරියගේ දෙමාපියන් වෙන් වී සිටින අතර ආච්චි අම්මාගේ රැකවරණය මැද සිට ඇත. අසල පදිංචිව සිටින බිරිඳගෙන් වෙන් වී සිටින 38 හැවිරිදි ඥති සීයා ඇයට ජංගම දුරකථනයකින් අසභ්‍ය රූප රාමු පෙන්වා ලිංගික අතවර කර ඇති බව මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 October 2014 08:44