May 19, 2024

හෙළ උරුම සාකච්ඡාවට 'බාලගිරි දෝෂය'

ජාතික හෙළ උරුමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලියේ ප්‍රමුඛතා යෝජනා හඳුනාගෙන එම යෝජනා සම්බන්ධයෙන් එකඟත්වකට පැමිණීම සඳහා ලබන සඳුදා දක්වා සාකච්ඡා කිරීමට ඒ සම්බන්ධයෙන් පත් කළ විශේෂ කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (28) රාත‍්‍රියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් සහ ජාතික හෙළ උරුමයේ නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. 

එහිදී හෙළ උරුමය රජයට ඉදිරිපත් කර ඇති යෝජනා 7 සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් අද (29) දිනයේ ද දෙපාර්ශවයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මේ පිළිබදව තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම යෝජනා පිළිබද නිදහස් සන්ධානය නියෝජනය කරන අනෙකුත් පක්ෂ සමග ද සාකච්ඡා කළ යුතු බව ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවේදී නිදහස් පක්ෂ නියෝජිතයින් හෙළ උරුම නියෝජිතයින්ට දැනුම් දී ඇත.

ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ යෝජනාවලියේ ප්‍රමුඛතා යෝජනා හඳුනාගෙන එම යෝජනා සම්බන්ධයෙන් එකඟත්වකට පැමිණීම සඳහා පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමට 27 වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජාතික හෙළ උරුමය අතර අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී තීරණය විය.

Rate this item
(0 votes)